තව්හිද් ජමාත් කාත්තන්කුඩි ආරක්ෂිත නිවස වටලයි.....ප්‍රබල ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට (විඩියෝ)

මැයි 04, 2019

    ජාතික තව්හිද් ජමාන් සංවිධානයේ ආරක්ෂිත නිවසක් සොයා ගැනිමට රාජ්‍ය බුද්ධි අංශය සමත්විය.

    ලද තොරතුරක් අනුව මෙම වැටලිම සිදු කරනු ලැබු අතර මෙම වැටලිම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායද එක්විය. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මෙම ආරක්ෂිත නිවස්නය කාත්තන්කුඩි කරබලාකුරුක්කාන්පිටිය පාර අංක 01 ලිපිනයේ පිහිටා තිබේ. මෙම ආරක්ෂිත නිවස්නය මෙහෙය වු අබ්දුල් අසිස් මොහොමදුන් රියාසාත යන අය අත්අඩංගුවට ගැනිණ. ඔහු අංක 14-38 මොහිදින් ගඩාබි මාවත කත්තන්කුඩි යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

    මෙම පුද්ගලයා ජාතික තව්හිද් ජමාත් සංවිධානය අබු හබාබි යන අනුවර්තන නාමයෙන් මොහුව හඳුන්වාදි ඇති බව ප්‍රශ්න කිරිම්වලදි සොයාගෙන ඇත. ජාතික තව්හිද් ජමාත් සංවිධානය එය ආරක්ෂිත නිවසක් ලෙස පවත්වගෙන යනු ලැබු බව ඔහු විසින් ද තහුරු කර ඇත.

    පසුගිය 26 වෙනිදා සයිහින්දමර්දු බොලිවේරියන් ගම්මානයේ බෝම්බ පුපුරවා ගනිමින් මිය ගිය සහරාන්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාන් ඩ්‍රෝනා කැමරාවක් යොදා ගනිමින් අවට ප්‍රදේශයේ රූ ගත කල දර්ශන රාජ්‍ය බුද්ධි අංශයට හමුවි ඇත. ඔහු ඩ්‍රෝන කැමරාව මෙහෙයවමින් දර්ශන පටගත කිරිම සිදු කර ඇත්තේද මෙම නිවසේ සිටයි.

    මෙම ඩ්‍රෝනා කැමරාව රිල්වාන්ගේ උපදෙස් මත 2017 වසරේදි නුගෝගොඩ ප්‍රදේශයෙන් රුපියල් අනුදහසකට මිලදී ගෙන ඇති අතර ඊට ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු එක්වු බව ප්‍රශ්න කිරිම් වලදි හෙලි කර තිබේ.

    ජාතික තව්හිද් ජමාත් සංවිධානය නුවරඑළියේ පැවැත්වු පුහුණු පාඨමාලාවකට තමා සහාභාගි වු බවත් එයට තවත් විසි දෙනෙකු එක්වු බවත් අනාවරණය කරගෙන ඇත.
    සැකකරු පොලිස් අත්අඩංගුවේ පසු වන අතර තවදුරටත් පරික්ෂණ පැවැත්වේ..

    Last modified on සෙනසුරාදා, 04 මැයි 2019 20:37

    Latest News