සිගිරියේ ආරක්ෂාව තර කෙරේ..... සංචාරයට සුදුසුයි

මැයි 04, 2019

    බෝම්බ පිපිරීමක් සමඟ සිගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් පැමිණිම අඩුවීම හේතුවෙන් සංචාරක කර්මාන්තය අඩාලවි ඇතැයි කර්මාන්තයේ නියැළී සිටින සීගිරියේ පදිංචිකරුවෝ පවසති.

    විදේශීය සංචාරකයන්ගෙන් යැපෙන සීගිරිය ප්‍රදේශයේ බොහෝ සංචාරක මග පෙන්වන්නන් ත්‍රී රෝදරථ රියදුරන්, කරත්ත සෆාරි, අලි සෆාරි සහ සංචාරක හෝටල්කරුවන් බොහෝ දෙනෙකුට මේ ආදායම් නොමැති බව ඔවුහු පවසති.

    විදේශීය සංචාරකයන් සීගිරිය නැරඹීම සඳහා 1500 ත් 2000 ප්‍රමාණයක් දිනකට පැමිණෙන මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු විශ්‍රාමික මේජර් අනුර නිශාන්ත මහතා පවසයි. නමුත් අද එය අසූව තෙක් අඩුවි තිබෙන බව ඔහු සදහන් කළේය. සීගිරි නැරඹීමට වෙනත් දිනවල දේශීය සංචාරකයන් දෙදහසක් පමණ පැමිණෙන බවත් මැයි 03 දින දේශීය සංචාරක පැමිණිම 50ක් වි තිබේ.
    සංචාරක හෝටල් බොහොමයක් කිසිදු සංචාරකයෙකු නොමැතිව පාළුවට ගොස් ඇති අතර සේවකයන් පමණක් සිටිනු දැක ගැනීමට හැකිවේ.

    සීගිරියේ ආරක්ෂාවට ගුවන් හමුදාව පොලීසිය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක අංශය ක්‍රියාත්මක වී සිටින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු විශ්‍රාමික මේජර් අනුර නිශාන්ත මහතා කියා සිටි. කිසිදු බියකින් සැකයකින් තොරව සීගිරිය නැරඹීමට හැකි බවද හෙතෙම සඳහන් කළේය.

    Latest News