වරායේ අන්තවාදය පැතිරවු සේවකයෙකු අත්අඩංගුවට...... මුදල් සහ උපකරණ හමුවේ

මැයි 03, 2019

    ඉස්ලාම් අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වරාය අධිකාරියේ සේවකයෙකු දින 30 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරාය පොලිසියට අවසර ලබාදී තිබේ.

    එ වරාය පොලිසිය මගින් අත් අඩංගුවට ගත් මොහොමඩ් නූමන් මොහොමඩ් නස්රාන් නමැති සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුයි.

    පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සතුව තිබී ඉස්ලාම් අන්තවාදී ක්‍රියා වලට සම්බන්ධ සංයුක්ත තැටි සහ රුපියල් ලක්ෂ 10 ක චෙක්පතක් සොයාගෙන ඇති බවයි. එමෙන්ම මොහුගේ බැංකු ගිණුම හරහා විශාල වශයෙන් මුදල් හුවමාරු වී ඇති බවද පොලිසිය අධිකරණය දැනුවත් කර කෙරිණ.

    මෙම සැකකරු ඉස්ලාම් අන්තවාදී ක්‍රියා වලට සම්බන්ධ බවට සැකකල හැකි තොරතුරු හෙළි වී ඇති හෙයින් මොහු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙසයි වරාය පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් අධිකරණය මෙම සැකකරු දින 30 ක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 14:18

    Latest News