කොළඹ වරායේ දී හදිසි අනතුරකින් පුද්ගලයෙක් මරුට

නොවැ 19, 2019

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. නැගෙනහිර පර්යන්තයේ නවතා තිබු බඩු බාමින් සිටි නැවක දොඹකරයේ දම්වැල් කැඩී එක් සේවකයෙකුගේ හිසේ වැදී බරපතළ තුවාල සිදුව තිබේ.

    පසුව තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි, පොලීසිය පවසන්නේ. අනතුර සිදුව ඇත්තේ (18) උදෑසන 9.30ට පමණ පමණ.අනතුරින් මිය‍ගොස් ඇත්තේ ඇල්දෙනිය, කඩවත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ගුරුළුපොත වාඩිය ගෙදර, ප්‍රියන්ත ගුණතුංග යන අයෙකි. මෘත ශරීරය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට බාර දී තිබේ. කොළඹ වරාය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 09:37

    Latest News