උඩරට මැණිකේ මග නතර වෙයි

නොවැ 06, 2018

    ඇල්ල - බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට පස් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

    මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන් කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය හීල්ඔය දුම්රිය ස්ථානයේ දී ද, කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ දී ද නතර කරනු ලැබීය.

    මේ වන විට මාර්ගයට වැටී ඇති පස් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News