මඩකලපුව - මුහුද කැළඹෙයි

නොවැ 06, 2018

    මඩකලපුව ධීවරයින්ට මුහුදු නොයන ලෙස දිසා කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

    මෙම නිසා නව කාත්තන්කුඩි, එත්තුකාල්, පාලමුනයි, පුනොච්චිමුනයි, පුන්නයිකුඩා, ධීවරයින් අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි. මෙම ප්‍රදේශවල පවුල් විසිතුන් දාහසක් පමණ ධීවර රැකියාවේ නියැලී සිටින බවයි, දිසා නියෝජ්‍ය අධ්‍යක්ෂ රුල්ශාන් කුරුස් මහතා පවසන්නේ.

    මේ අතර, දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වලාකුලින් බර ස්වභාවය, දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් අපේක්ෂා කෙරේ.

    දිවයිනේ උතුරු අර්ධය හරහා හමන පැ.කි.මී. 50-60 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර සහ නාවුක ප්‍රජාවට 

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    උතුරු උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව දැසුම් දෙයි.

    දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වලාකුලින් බර ස්වභාවය දිවයින අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් අපේක්ෂා කෙරේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතරපොතුවිල් සිට මඩකලපුව, ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.

    පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ පුත්තලම හරහා කොළඹ දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දිශාවෙන් හමා එයි.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැක. එවිට එම මුහුදු ප්‍රදේශ රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

    Latest News