ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය වැඩ අරඹයි

අප්‍රේ 30, 2019

    පසුගියදා සිදුවූ බරපතල ව්‍යසනය සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමට පත්කෙරුණු විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය මේ වන විට අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ හා සාක්ෂි සටහන් කර ගනිමින් සිටියි.

    එම පරීක්ෂණ මණ්ඩලය පත්කරනු ලැබ ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්. ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටින්නේ මෙම බරපතල ජාතික ඛේදවාචකයට මුල්වූ කරුණු, එහි පසුබිම සහ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳ කරුණු සොයා බලා කමිටුව වාර්තාව සකස් කෙරෙන බවයි. එය හැකි ඉක්මණින් රජයට බාරදෙන ලෙස ජනාධිපතිතුමා විසින් පරීක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබේ.

    එය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මලල්ගොඩ,හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විතයි.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 07:11

    Latest News