‘ෆොනී’ පැය 12 තුල චණ්ඩවන ලකුණු

අප්‍රේ 30, 2019

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) අද (30)දින පෙ.ව 02.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 640 පමණ දුරින් උතුරු අක්ෂාංශ 11.1 ත් නැගෙනහිර දේශාංශ 86.5 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී ඉතාචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යැයි අනුමාන කෙරේ. මෙම පද්ධතියතවදුරටත් වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කර ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.

    දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් පැවතිනු ඇතැයි බලාපොරොත්තු වේ. දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් උතුරු, උතුරුමැද, ඌව සහදකුණුපළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වලත්විටින් විට හමන පැ.කි.මි.60 දක්වා තද සුළං බලාපොරොත්තුවේ.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම,දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන වලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද සෙසු පළාත්වල මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 07:19

    Latest News