ප්‍රහාර ගැන දැඩි සැකයක්....ඔය සංවිධාන රජයෙන් පඩි ගෙන තිබෙනවා... ෂැංග්‍රිල්ල ආරක්ෂක ප්‍රධානියා හිටියෙත් ඒ තුළ.... අමාත්‍ය අකිල

අප්‍රේ 29, 2019

    කිසිවිටකත් බුද්ධි අංශ අඩපණ කිරීමට රජය කටයුතු කර නොමැති බවත්, එවැනි චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    බරපතල චෝදාන එල්ල වී ඇති නිලධාරීන් කිහිප දෙනෙකුට පමණක් නීතිය ක්‍රියාත්මක කර ඇති බව, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    “මේ වෙනකොට අත්අඩංගුවේ ඉන්නේ හතර දෙනෙයි බුද්ධි අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවේ. ඒ අත්අඩංගුවේ ඉ න්නෙත් ඇත්ත වශයෙන්ම කප්පම් ගැනීම සම්බන්ධයෙන් සමහර අය පැහැර ගෙන ගිහිල්ලා කප්පම් ඉල්ලලා ඊට වැරදිකරුවන් නැත්නම් සැකකරුවන් වශයෙන් පත්වුණ අය පමණයි. මීට පෙර බුද්ධි අංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට අරගෙන මේ වනකොට ඇප මත මුදා හැරලා තියෙනවා. ඒ ගොල්ලා ඇවිල්ලා එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය. ඒගොල්ලන් ඇප මත ඉන්නවා. ඒ නිසා අපි කියනවා මේ මත දේශපාලන කරන්න හදන්න එපා.

    ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් කියලා තියෙනවා එතුමා හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ කියලා. එතුමාගේ බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා තමයි ෂැංග්‍රිලා හෝටලයේ ආරක්ෂාව බාරව ප්‍රධානියා වශයෙන් කටයුතු කලේ ඔය සිද්ධිය ඇතුලේ. 2005 ඔබට මතකයි මුදල් ගනුදෙනුවක් කරලා එල්ටීටීඊ සංවිධානයේ උතුරේ ඡන්දය වළක්වන්න කටයුතු කරපු හැටි රටම දන්නවා. ඒකේ තවත් පියවරක් ද කියලා අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිවරණයක් ඔන්න-මෙන්න කියලා තියෙනවා.

    මේ සංවිධාන මුල් කාලයේ ඇති කරන්න ඒ වගේ රජයේ වැටුප් ලබපු අය මේ සංවිධාන තුළ සිටීම අනාවරණය වී තිබෙනවා. මේ තමයි විශාල ප්‍රශ්න. දැන් ඒවා ගැන ප්‍රශ්න කරගෙන යනවා. එක් අවස්ථාවකදී ඔය තහනම් සංවිධානය වන ජාතික තාහිර් ජමාද් සංවිධානයේ එක්තරා කටයුක්තකදී පොලිසිය නතර කර පරීක්ෂා කරන විටදී ඒ අයට ඒක කරගන්න ඉඩ දෙන්න කියලා දුරකතනයෙන් කතා කර කියා තිබෙනවා. ඒ පිළිබඳව කරුණු තහවුරු වෙමින් පවතිනවා. ඒ නිසා මේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි හොයා ගන්නවා. හමුදා ප්‍රධානීන් සහ පොලිස් ප්‍රධානීන් සමඟ සාකච්ජා කර සියලුම පාසල් ආරම්භ කිරිමට පෙර පරීක්ෂාවක් සිදු කරනවා. ඊට පසුව ගත යුතු ආරක්ෂිත වැඩපිළිවෙළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමඟ එකතුවෙලා අරගන්නවා යැයි“ ඔහු කියා සිටියේය.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 20:43

    Latest News