අයිඑස් සමඟ සෘජු සබඳතා තිබූ තරුණයෙක් අලුත්ගමින් අල්ලයි

අප්‍රේ 26, 2019

    ISIS සංවිධානය සමඟ සෘජු සබඳතා පැවැත්වූ අලුත්ගම,වැලිපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු(23) ඔහුගේ නිවසේ දී අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු අවිවාහක තරුණයෙක් වන අතර වෘත්තියෙන් පරිගනක දත්ත සකසන්නෙක් ලෙස කටයුතු කර ඇති. අයිඑස් අයිඑස් සංවිධානය සමඟ අන්තර්ජාලය හරහා වීඩියෝ සංවාද හා තොරතුරු හුවමාරු කරගෙන ඇති බවට හෙළි වී තිබේ.

    ඔහු සතුව තිබී ලැප්ටොප් පරිගණකයක්, පරිගණක තොරතුරු ගබඩා පද්ධති 2ක්, දුරකථනයක්, ජංගම දුරකථන සිම්පතක්, පැරා වර්ගයේ උපකරණ හා තවත් උපකරණ රැසක් සොයාගෙන තිබේ. ඔහු මේ වන විට පොලිස් භාරයේ සිටින අතර සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 11:21

    Latest News