දැවැන්ත ප්‍රහාරයකට කොළඹට ඇතුළුවූ ලොරිය වත්තලින් අල්ලයි (වීඩියෝ)

අප්‍රේ 26, 2019
  • දැවැන්ත ප්‍රහාරයක් සඳහා කොළඹට ඇතුළු වී ඇති බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කළ ඇලුමිනියම් තහඩු සහිත ලොරි රථය ඊයේ සොයා ගැනිණ.

    ඒ වත්තල නායකකන්ද ප්‍රදේශයේ දී. ලොරි රථය කොටහේන පොලීසිය බාරයට ගනු ලැබීය. ඩී.ඒ.ඊ.-4197 අංක දරණ ලොරි රථය පිළිබඳ තොරතුරු හෙළි වූයේ ඉකුත් 23 වැනිදායි. මරාගෙන මැරෙන මෝම්බ ප්‍රහාර මාලාවේ සැකකරුවෙකු බව කියන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමින් ලොරි රථය ලියාපදිංචිකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

    එය සොයා ගනු ලැබුවේ නවගම්පුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී.

    https://www.youtube.com/embed/lELhfbYbaRs
    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 10:19

    Latest News