පුනරුත්ථාපනය සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය සඳහා විශේෂ අරමුදලක්

අප්‍රේ 26, 2019

    පාස්කු ඉරිදා ව්‍යවසනයට ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීම සඳහා ආධාර ලබා දීමට කැමති පුද්ගලයින්ට විශේෂ ගිණුමක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

    මේ බව කොළඹ අගරඳගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ පවසති.

    එම ගිණුම බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ආරම්භ කර ඇත.

    ගිණුම ඇත්තේ,''කොළඹ අගරඳගුරුතුමා '' යන නමටය.

    අරමුදල නම් කර ඇත්තේ, ''2019 පාස්කු ඉරු දින ව්‍යවසනයෙන් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනය සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය සඳහා වන විශේෂ අරමුදල'' ලෙසයි.

    බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුම් අංක 1190038741 යන ගිණුමට ඔබගේ පරිත්‍යාග බැර කළ හැකි බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ඉල්ලා සිටී.

     

    Latest News