තවත් ආසාදිතයින් 518ක්..මරණ 5ක්

පෙබ 23, 2021

    කොවිඩ් 19 රෝගය වැළඳුනු තවත් 518 දෙනෙක් ඊයේ හඳුනා ගැනිණ. ඉන් 487 දෙනෙක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූවන්.

    තවත් 28 දෙනෙක් විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති අතර සෙසු තිදෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරේ රෝගීන්. සුවය ලැබූ 811 දෙනෙක් රෝහල්වලින් ඊයේ පිටව ගියේය.

    පීසීආර් පරීක්ෂණ 11,779ක් ඊයේ සිදු කෙරිණ. මෙරට මෙතෙක් සිදු කර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව විසි ලක්ෂ 43,982ක්. කොවිඩ් 19 පුද්ගල මරණ 5ක් ඊයේ වාර්තා විය.

    ඔවුන් දූනගහ,නුගේගොඩ,කොළඹ-12,මිනුවන්ගොඩ හා කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මියගොස් ඇත්තේ වයස අවුරුදු 33,82,69,83,75 යන වයස්වල පසුවූවන්.

    Latest News