කි.ග්‍රෑ. 275 පමණ හෙරොයින් මුහුදේදී අත්අඩංගුවට

අප්‍රේ 22, 2019

    විශේෂ මෙහෙයුමක් මඟින් ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 275 ක් පමණ වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනේ.

    ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය වෙතින් ලද තොරතුරක් මත සිදුකළ මෙම මෙහෙයුමෙන් එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු අද(22) නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදාවට අයත් සාගර නෞකාව මඟින් මෙම මෙහෙයුම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ පුද්ගලයින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගොඩබිමට රැගෙන ඒමට නියමිතය.

    Latest News