ඉදිරි පැය කිහිපයේ තද වැසි හා සුළං

අප්‍රේ 20, 2019

    දිවයින පුරා සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම,දකුණු, ඌව,බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇතිවිය හැක.

    බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදෑසන කාලයේදී සිහින් වැසි ඇති විය හැක. පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    කන්කසන්තුරය සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල වල සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 15-30 පමණ වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙයි

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 17:10

    Latest News