පාස්කු දින ජනපති - අගමැති පණිවුඩ

අප්‍රේ 21, 2019

    ආද­රය, සාමය සහ අන්‍යෝන්‍ය ගෞර­ව­යෙන් යුතුව නැඟී සිටින මිනිස් සමා­ජ­යක් බිහි කිරී­මට පාස්කු දින අදි­ටන් කර ගනිමු යැයි ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා ප්‍රකාශ කරයි.

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ පාස්කුදින පණිවුඩය...

    කිතුනු බැති­ම­තුන් ක්‍රිස්තුස් වහ­න්සේගේ මර­ණය සහ උත්ථා­නය හෙවත් මර­ණ­යෙන් නැඟි සිටීම සිහි­ක­ර­මින් සැම­රෙන පාස්කු මංග­ල්‍යය වෙනු­වෙන් සුබ­පැ­තී­මට ලත් අව­ස්ථාව පිළ­බඳ සතුටු වෙමි. 

    ක්‍රිස්තුස් වහන්සේ මර­ණය පරා­ජය කොට උත්ථා­න­වීම පාස්කුව තුළින් ප්‍රීති ප්‍රමෝ­ද­යෙන් සිහි­පත් කෙරෙන දිනය පාස්කු ඉරු දින වන අතර, එදි­නට පෙර හත­ළිස් දව­සක චතා­රික සම­යක් ගෙවන කිතුනු බැති­මත්හු උප­වා­සයේ නිරත වෙමින් ස්වයං පරි­ත්‍යා­ග­යෙන් නිරා­හා­රව පසු­වෙ­මින් සහ ආග­මික වතා­ව­ත්වල නිරත වෙමින් ප්‍රති­ප­දා‍වන් පුරති.

    ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයා වෙනු­වෙන් තම ජීවි­තය පරි­ත්‍යාග කර­මින් විඳි කටුක දුක් වේදනා සිහි­ක­රන කිතු­නුවෝ පොදු මිනිස් වර්ග­යාට එරෙ­හිව නැ‍ඟෙන හිංස­න­යට ද පීඩ­න­යට ද එරෙ­හිව අවි­හිං­සා­වා­දීව සිට ගැනී­මට උග­නිති. එකි­නෙ­කාට එරෙ­හිව නැ‍ඟෙන සියලු ආකා­රයේ අවි ආයු­ධ­වල කෲර හා අමා­නු­ෂික බව හඳුනා ගනිති.

    ලෝකය මිනි­සුන්ට ජීවත් විය හැකි සාම­කාමී නවා­තැ­නක් වන්නේ සියලු ආකා­රයේ හිංස­න­යන් හා පීඩ­න­යන් දුරු වූ කල්හිය. බලය හෝ ධනය වෙනු­වෙන් වපු­රන හිංස­නය බිම් සක­සන්නේ මිනිස් වාස­යට නොවන බව පැහැ­දි­ලිය. පාස්කුව එළැ­ඹෙන්නේ ආද­රය, සාමය සහ අන්‍යෝන්‍ය ගෞර­ව­යෙන් යුතුව නැඟී සිටින මිනිස් සමා­ජ­යක් පිළි­බඳ අපේක්ෂා අප තුළ දල්ව­මිනි.

    සියලු කිතුනු බැති­ම­තුන්ට අර්ථ­වත් සහ සාම­කාමී පාස්කු මංග­ල්‍ය­යක් වේවායි සුභා­ශිං­සන පිරි­න­මමි.

    අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නිකුත් කළ පාස්කුදින පණිවුඩය...

    පුද්ග­ල­යන් මෙන්ම රටක් වශ­යෙන් ද අභි­යෝ­ගා­ත්මක අව­ස්ථා­වන් එළඹි විට ඒවාට මුහුණ දී ජය­ග්‍ර­හ­ණය මතින් පොදු ජන යහ­පත උදා කර ගැනී­මට වෙර දැරිය යුතු බව අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පාස්කු මංග­ල්‍යය වෙනු­වෙන් සුබ පැතුම් පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් කියා සිටී.

    එහි වැඩි දුර­ටත් මෙසේ සඳ­හන් වේ.

    ලොව පුරා කිතුනු ජන­තාව ක්‍රිස්තුස් වහ­න්සේගේ දුක්ප්‍රා­ප්තිය සිහි කරන දින 40ක චතා­රික කාල­යෙන් පසුව, උන්ව­හන්සේ මර­ණය පරා­ජය කර නැගී සිටීම පාස්කු ඉරු­දින සම­රනු ලබයි. අපගේ සෑම ජීවිත අභි­යෝ­ග­ය­කම, අර­ග­ල­ය­කම අව­සා­නයේ බලා­පො­රො­ත්තු­වක් ඇති බව පාස්කුව අපට කියා දෙන වැද­ගත්ම පාඩ­මයි.

    පුද්ග­ල­යන් වශ­යෙන් මෙන්ම රටක් ලෙසත්, අභි­යෝ­ගා­ත්මක අව­ස්ථා­වන් එළඹි විට අඳුරු වළා­වක රිදී රේඛා­වන් දකින්නා සේ ඒ අභි­යෝ­ග­ව­ලට මුහුණ දී ජය­ග්‍ර­හ­ණය මතින් පොදු යහ­පත උදා­කර ගැනී­මට අපි වෙර දැරිය යුතු වෙමු.

    ආලෝ­කය වෙතට යන මාවත කොත­රම් දුෂ්කර වුව ද ප්‍රේමයේ සහ කැප­වීමේ ජීවි­ත­ය­කින් ජය­ග්‍ර­හ­ණය අත්කර ගත හැකි බව ක්‍රිස්තුස් වහන්සේ අපට පෙන්වා දෙයි.

    සැබෑ ජනතා නාය­ක­යකු ලෙස එදා ජන­තාව පීඩා­වට පත් කළ සමාජ ක්‍රමය සහ සම්ප්‍ර­දා­යන් ප්‍රශ්න කර­මින්, උන්ව­හන්සේ පෙන්වා දුන්නේ නව ජීවන මාර්ග­යකි. එය තේරුම් ගත නොහැකි වූ ජන­තා­වම උන්ව­හන්සේ කුරු­සියේ මර­ණය කරා ගෙන ගියහ. කුරු­සියේ එල්ලී සිටිය දී පවා ‘පියා­ණනී මොවුන් කරන වරද නොදැන කරන සෙයින් මොවුන්ට සමාව දුන මැන­වයි’ කිය­න්නට තරම් පිරි­පුන් මානව ප්‍රේම­යක් උන්ව­හන්සේ තුළ විය.

    මෙබඳු ජීවන අරුත් රැස­කින් පොහො­සත් පාස්කු උත්ස­වය, ක්‍රිස්තුස් වහ­න්සේගේ ජීවි­තා­ද­ර්ශය තුළ සැබෑ ජීවිත වෙන­සක් අත්ද­කි­මින්, පුද්ගල යහ­පත සහ සමාජ යහ­පත සඳහා කැප­වී­මට ශක්ති­මත් අත්වැ­ලක් වේවායි ප්‍රාර්ථ­නය කරමි.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 08:46

    Latest News