බලපත්‍ර නැති රියදුරු කාන්තාවකට මරු කැදවයි

අප්‍රේ 20, 2019

    බිබිල,මැදගම,දඹගල්ල මාර්ගයේ 5 කණුව අසළ දී සිදුවූ රිය අනතුරකින් එක් කාන්තාවක ජීවිතක්ෂයට පත්විය.

    අනතුර සිදුවූයේ ඊයේ රාත්‍රී 12.00ට පමණ. ඥාති නිවසකට ගොස් පැමිණෙමින් තිබූ ත්‍රීරෝද රථය ප්‍රපාතයක පෙරළීමෙන් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. තිදෙනෙකු බරපතල තුවාල ලබා මොණරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල බවයි, වාර්තා වන්නේ.

    රියදුරු බලපත්‍රයක් නොමැතිව 18 හැවිරිදි තරුණයෙක් ත්‍රීරෝද රථය පදවා තිබේ. තුවාලකරුවන් මොණරාගල මූලික රෝහලට ගෙන ගොස් ඇත්තේ, මැදගල්ල,දඹගල්ල සුවසැරිය ගිලන්රථයෙන් බව,දඹගල්ල පොලීසිය පවසයි.

     

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 11:36

    Latest News