සංගාගේ පිතිකරණය හඹායන සජිත්ට.... සංගා දුන් අලුත් පාඩම (විඩියෝ)

අප්‍රේ 20, 2019
  • සැමට සෙවණ නිවාස දස ලක්ෂයේ වැඩසටහන දේශපාලනයෙන් ඔබ්බට ගිය මනුෂ්‍යත්වය පිළිඹිඹු වන ව්‍යපෘතියක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගකක්කාර පවසයි.

    තමන්ගේ කියා නිවසක් සහ ඉඩමක් පිරිනැමීමේ සත්කාර්ය කාර්ය මනුෂ්‍ය ප්‍රජාවක් අභිමානයෙන් නගා සිටුවිමේ මුලික පියවර ලෙසින් ඔහු හඳුන්වනු ලැබුවේ “සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” සඳහා මුල්ගල තැබීමේ අවස්මථාවට එක් වෙමිනි. 

    විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මා මෙවැනි උතුම් කාලීන ව්‍යාපෘතියකට සම්බන්ධ කර ගැනීමට ගැන මම සජිත් ප්‍රේමදාස මහතාට ස්තූති කරනවා.

    සමස්ත ලංකාවේ 2126 වැනි ආදර්ශ ගම්මාන ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය කොට්ඨාසයේ කැන්දගස්මන්කඩ ආදර්ශ ගම්මානය කියන්නේ දේශපාලන සීමාවෙන් ඔබ්බට ගිහින් මනුෂ්‍යත්ව මුල්කරගෙන කරන ව්‍යාපෘතියක් මේක. සංවර්ධනය කියන්නේ කොළඹට හෝ නුවර සීමාවුන දෙයක් නෙවෙයි. ශ්‍රී ලාංකිකයන් හැටියට අපි සියලුදෙනාටම පොදු වූ දෙයෙක්. නොයෙක් ආර්ථික හේතු නිසා අපේ යම් යම් ජන කොට්ටාසවලට තමන්ගේම කියල ඉඩමක් ගෙයක් දොරක් වගේම ජීවනෝපායක් ආරම්භ කරළා සාර්ථක කරගන්න අමාරුවෙලා තියෙනවා. මේ ඒ වැනි ජන කොට්ඨාසවලට අවශ්‍ය කරන පළමු පියවර මගේම කියලා ගෙයක්, ඉඩමක් ඒ ආඩම්භරය තුලින් ඇතිවන ඒ අධිෂ්ඨානව හා නව ජීවන හුස්ම සපයන්න කරන මෙවැනි ව්‍යාපෘති අපි විශේෂයෙන්ම අගේ කරන්න ඕන. කිසිම භේදයකින් තොරව ගමන් හැටියට රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් මානසිකත්වයක් ඇතිකර ගන්න ඕන. එතකොට තමයි මේ ආදර්ශ ගම්මානය බිහිකිරීමේ පරම අරමුණ ඉටුවන්නේ.

    සෑම ජන කොට්ඨාසයක්ම සෑම පුද්ගලයෙක්ම තමන්ගේ ජීවන ගමන ධනාත්මක ලෙස රටේ ඉදිරි ගමනට සම්බන්ධ කරලා එකම අධිෂ්ඨානයෙන් ඉදිරියට ගන්න ඕන..

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 13:22

    Latest News