මහ සිකුරාදා දිනය අද

අප්‍රේ 19, 2019

    ලොවපුරා කිතුණු බැතිමතුන් යේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ මරණය සිහිපත් කරන, මහ සිකුරාදා දිනය අදයි.

    පසුගිය ඉරිදායින් ආරම්භ වූ ශුද්ධ වූ සතියේ සුවිශේෂී දිනය ලෙසයි, අද දිනය සැලකෙන්නේ. යේසුස් වහන්සේ කුරුසයක් මත ඇණ ගසා මරණයට පත් කෙරුණේ, කල්වාරි කන්දේ සිටයි. කිතුණු බැතිමතුන් දෙව් මැඳුරුවලට දී අද සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වෙමින්, එම දුක්ප්‍රාප්ති අවස්ථාවල දී අද සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වෙමින්, එම දුක්ප්‍රාප්ති අවස්ථාව සිහිපත් කරයි. රෝමයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ දී මහ සිකුරාදා විශේෂ දේව මෙහෙය පැවැත්වෙන්නේ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

    යේසුස් ක්‍රිස්තූන් වහන්සේ ජෙරුසලමට ජයග්‍රාහීව පැමිණීම සිහිපත් කරමින්, ශුද්ධ වූ සතිය, පසුගිය ඉරිදායින් ආරම්භ කෙරිණ. කිතු සමිඳුන් පාවාදීම සිහි කෙරෙන මහා බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවන්, ඊයේ සෑම දෙව් මැඳුරකදීම සිදු කෙරේ.

    ඒ ක්‍රිස්තූන් වහන්සේ ගෝලයන් දෙළොස්දෙනාගේ පා දෝවනය කරමින්, අවසන් රාත්‍රී භෝජනයට එක් වූ අවස්ථාව සිහිපත් කරමින්. ක්‍රිස්තූන් වහන්සේ සිය ජීවිතය පූජා කිරීමෙන් අනතුරුව, උන් වහන්සේගේ සිරුර කිසිවෙකු තැන්පත් නොකරන ලද ගල්ගුහාවක තැන්පත් කරනු ලැබීය. දින තුනකට පසු එනම් ඉරු දින උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටීම හෙවත් උත්ථානයවීම කිතුණු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරයි.

    Last modified on සිකුරාදා, 19 අප්‍රේල් 2019 11:27

    Latest News