මහරගම කඩදාසි බෑග් නිෂ්පාදනාගාරයක ගින්නක්

අප්‍රේ 18, 2019

    මහරගම,පන්නිපිටිය ප්‍රදේශයේ කඩදාසි බෑග් නිෂ්පාදනය කරන සිව් මහල් ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන තිබේ.

    දෙහිවල පොලීසිය, කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකක හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇත. ගින්න හේතුවෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ජීවිත හානි කිසිවක් ද නොමැති බවයි මහගරම පොලීසිය පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2019 08:15

    Latest News