පැය 21ක ජල කප්පාදුවක්

පෙබ 13, 2019

    මහරගම සහ හෝමාගම ඇතුළු ප‍්‍රදේශ රැසකට අද (13) පෙරවරු 08.00 සිට හෙට (14) අලුයම 05.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

    ඒ අනූව, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, මීපේ සහ පාදුක්ක යන ප‍්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති.

    කලටුවාව ජල පවිත‍්‍රාගාරයේ සිට මහරගම දක්වා එලා ඇති ප‍්‍රධාන නල මාර්ගයක ජල කාන්දුවක් සිදුව තිබේ.

    එහි අලූත් වැඩියාවන් සඳහා ඉහත ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

    අපහසුතා මගහරවා ගැනීමට කල් ඇතිව ජලය රැස්කර තබා ගන්නැයි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කෙරේ.

    Latest News