පැය 24ක් තුළ රිය අනතුරුවලින් මියගිය ගණන 14ක්

අප්‍රේ 17, 2019

    රිය අනතුරු හේතුවෙන් ඊයේ (16) අළුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් පුද්ගල ජීවිත 14 ක් අහිමි වී ඇතැයි රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    ඉකුත් 13 වැනිදා සිට මේ දක්වා සිදු වූ අනතුරුවලින් 30 දෙනෙක් මිය ගොස් ඇතැයිද ඔහු පැවැසීය. එසේම පුද්ගලයින්ට තුවාල පමණක් ගෙන දුන් රිය අනතුරු 200 ක් පමණ මේ කාලය තුළ සිදුව ඇතැයි ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය. මේ තත්ත්වය බලාපෙරොත්තු නොවූ ආකාරයේ වැඩි වීමක් බවද ඔහු පෙන්වා දුන්නේය.

    පසුගිය 11 වැනිදා සිට ඊයේ (16) පෙරවරුව දක්වා ගතවූ කාලය තුළ බීමත් රියැදුරන් 1000 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් විවිධ රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 30000 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කැර ඇති බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    Last modified on බදාදා, 17 අප්‍රේල් 2019 10:12

    Latest News