ජනපති ප්‍රංශයට ශෝකය පළකරයි

අප්‍රේ 17, 2019

    ප්‍රංශයේ ඓතිහාසික නොත්‍රදාම් දේවස්ථානයේ ඇතිවු ගින්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රංශයේ ජනතාවට සිය කණගාටුව ප්‍රකාශ කරයි.

    සියවසකට වඩා ඉපැරණි නොත්‍රදාම් දේවස්ථානය යළි නගා සිටුවිම සදහා ශ්‍රී ලංකාවේ සහයෝගය ලබා දෙන බවත් එහි සඳහන්.
    ප්‍රංශයේ පැරිස් නුවර නොත්‍රදාම් දේවස්ථාන ‍යේ හදිසියේ ඇති වූ ගින්නෙන් එහි වහලය සම්පූර්ණයෙන්ම විනාශ වුවත් ජේසුතුමන් කුරුසිපත්වන අවස්ථාවේ පැළැඳි 'ශුද්ධ වූ කටු ඔටුන්න' තවමත් සුරැකිව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    2013 වසරේ දී 850වැනි සංවත්සරය සනිටුහන් කළ මෙම දේවස්ථානය ඉදි කිරීමට වසර 182ක් ගත වී තිබේ. ඒ අනුව 12 වැනි සියවසේ දී ආරම්භ කළ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ඇත්තේ 13වැනි සියවසේ දීය. එකවර බැතිමතුන් 6,000කට වැඩි පිරිසකට රැඳී සිටිය හැකි නොත්‍රදාම් දේවස්ථානය ප්‍රංශයේ හදවත ලෙස හැඳින්වේ.

    HE Twitter

    Last modified on බදාදා, 17 අප්‍රේල් 2019 10:31

    Latest News