රම්බා විහාර පුරාවිද්‍යා පරිශ්‍රයේ නව පුරාවස්තු කෞතුකාගාරයක්

අප්‍රේ 13, 2019

    අම්බලන්තොට, ඓතිහාසික මානාවුළුපුර රම්බා විහාර පුරාවිද්‍යා පරිශ්‍රයේ ඉදිකෙරෙන පුරාවස්තු කෞතුකාගාරයේ ඉදිකිරීම් ඊයේ (12) ආරම්භ විය.

    ඉදිකිරීම් ආරම්භ කළේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර ප්‍රවේශ පත්‍ර හා ප්‍රකාශන අලෙවි සැලක්ද ඊට ඇතුළත්වේ. ඒ සඳහා වැය කරන රුපියල් ලක්ෂ 93ක ප්‍රතිපාදන මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් සැපයේ. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වී සිටියහ.

    Latest News