සංගීත පුටු තරගයෙන් ජීවිතය අහිමි වූ පොලිස් කොස්තාපල්වරයක්

අප්‍රේ 13, 2019

    පොලිස් කොස්තාපල්වරයෙකු සංගීත පුටු තරගයකින් ජය ලැබීමේ සතුට දරාගත නොහැකිව මිය යෑමේ පුවතක් අගුණකොළපැලැස්සෙන් වාර්තාවේ.

    අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානය විසින් සංවිධානය කොට තිබූ අළුත් අවරුදු උත්සවයක් ඊයේ(12) දින දවස පුරා අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානයේ ක්‍රීඩා පිටියේදී පවත්වා තිබේ. එම අවුරුදු උත්සවයේ දී සංගීත පුටු තරගයට ඉදිරිපත් වී ඇති මෙම පොලිස් කොස්තාපල්වරයා තරගයෙන් ජයග්‍රහනය කර ඇති අතර එම ජයග්‍රහනයෙන් උද්දාමයට පත්ව නටමින් සිටි එම පොලිස් නිළධාරීයා හදිසියේම රෝගී වී බිම වැටී තිබේ.

    ඊයේ සවස 3.20 ට පමණ මෙම සිද්ධිය සිදුවී තිබූ අතර රෝගී වූ කොස්තාපල් වරයා අගුණකොළපෑලැස්ස දිස්ත්‍රික් රෝහලට රැගෙන ගොස් තිබූ අතර ඒ වන විටත් ඔහු මිය ගොස් තිබූ බව පොලීසිය පවසයි.

    ඔහු හුංගම හාතාගල ප්‍රදේශයේ පදිංචි තිදෙරු පියෙකි. ඔහු වසර 20 ක පමණ කාලයක් පොලිස් ආරක්ෂක සහායක වරයෙකු වශයෙන් සේවය කොට මීට මාස දෙකකට පමණ ඉහතදී පොලිස් කොස්තාපල් වරයෙකු වශයෙන් අන්තර් ග්‍රහණය කොට තිබූ අයෙකි.

    අද (13) තංගල්ල හා මාතර යන දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා මිය ගිය පොලිස් නිළධාරීයා ගේ නිවසට පැමිණ දේහයට අවසන් ගෞරව දැක් වූවේය. දේහය පිළිබද අවසන් කටයුතු 15 දින පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

    Latest News