ඖෂධ සමාගමක් ඇමති රජිතගෙන් සමාව ගනී

අප්‍රේ 13, 2019

    අධික මුදලකට පිළිකා ඖෂධ අලෙවි කළ සමාගම් තමන්ට එරෙහිව නඩු පැවැරිම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මීගහතැන්න දිසා රෝහලේ ඉදිකරන ලද පරිපාලන ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුලත් නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (12) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 164 ක්.

    සෞඛ්‍ය අමාත්‍යවරයා- “පිළිකා ඖෂධ සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමත් විමර්ෂණ ආරම්භ කර තිබෙනවා. නමුත් එම පිළිකා ඖෂධය නිෂ්පාදනය කරන ස්විස්ටර්ලන්තයේ සමාගම මම හමුවෙලා සමාව ඉල්ලා සිටියා. ඒ පිළිකා ඖෂධ සම්බන්ධයෙන් නඩු පැවැරීම පිළිබදවයි. පිළිකා ඖෂධ අඩු මිලකට රෝගීන්ට ලබාදීම මගේ අරමුණ වුනා. එක ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක වෙනවා නම් අපේ වැඩපිළිවෙල සමාගම් පවා අනුමත කරනවා. මෙම පිළිකා ඖෂධය නිෂ්පාදනය කරන ස්විස්ටර්ලන්ත සමාගමේ වාර්ෂික ආදායම මෙම ඖෂධයෙන් පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 41 ක් වෙනවා. එම ඖෂධයට සමාන ඖෂධ දැන් නිෂ්පාදනය කර තිබෙනවා. නමුත් මෙම ඖෂධයේ මිල අඩුකරමින් වෙනත් ආදේශක හදුන්වා දෙන විට ලොකු විරෝධයක් මතු වුනා. මොකද ඖෂධය රෝගීන්ට ලියන එක් වෛද්‍යවරයෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලැබෙන නිසා. අක්ෂි කාච, ස්ටෙන්ස්, නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලේ දීත් මෙවැනි බලපෑම් එල්ල වුනා.”

    එක්තරා පෞද්ගලික රෝහලක් රෝගියෙක් ඇතුලත් කළ විට විශේෂඥ වෛද්‍යවරයාට රුපියල් 3000 ක මුදලක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සියා සිටියේය. එක්තරා වෛද්‍යවරයෙක් එම මුදල ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර ඇති බවත් ඔහු කියා සිටියේය. තවදුරටත් අදහස් පල කරමින් අමාත්‍යවරායා කියා සිටියේ වෛද්‍ය වරයා මුදල් ගන්නේ ප්‍රතිකාර වලට පමණක් බව ප්‍රකාශ කර ඇති බවයි.

    සෞඛ්‍ය අමාත්‍යවරයා- “මෙය වෛද්‍ය වෘත්තිය නොවෙයි. ඖෂධ ලියලා ඖෂධ සමාගම් වලින් මුදල් ගන්න වෛද්‍යවරුන්ට බැහැ. මෙම මාෆියාවෙන් අසරණ රෝගීන් බේරා ගත යුතු යැයි ඔහු අවධාරනය කළේය.

    Latest News