අල්ලස් ගත් CID සැරයන්වරයාට ඇප

අප්‍රේ 11, 2019

    ව්‍යාපාරිකයෙකුගෙන් රු.80,000 ක අල්ලස් මුදලක් ලබාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් සැරයන්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේය.

    සැකකරුගේ වසර තුනහමාරක බාල දරුවාගේ මානසිකත්වය සලකා අධිකරණය මෙලෙස සැකකරුට ඇප නියම කළේය.

    රුපියල් 25000 මුදල් ඇපයක් හා ලක්ෂ 4 ක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට අධිකරණය විසින් නියෝග කල අතර සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කෙරිණ.

    සැකකරු වන සංඛ සෝභිත සිල්වා, පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ නිවස තුළදීම අත්අඩංගුවට ගත් බවත්, නඩුවකින් පැමිණිලිකරුව ඉවත් කර දීමට නඩුකාරවරයාට ලබා දීමට යැයි පවසා රුපියල් 100,000 මුදලක් සැකකරු විසින් ඉල්ලා ඉන් රුපියල් 20,000 මුදලක් පළමුව ලබාගෙන ඉතිරි රුපියල් 80,000 මුදල අල්ලස් වශයෙන් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව විමර්ශන නිළධාරීන් අධිකරණයට පවසා තිබිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 12:26

    Latest News