බේරුවල හෙරොයින් ජවාරම; රස පරික්ෂා ප්‍රමාදයට විනිසුරුගෙන් නියමයක්

අප්‍රේ 11, 2019

    මෑතකදී බේරුවල මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 231 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනෙකු ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    එම සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබීය. එහිදී පොලිසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය සිද්ධියට සම්බන්ධ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව කඩිනමින් කැඳවන මෙන් නියම කළේය. එමෙන්ම පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ද මහෙස්ත්‍රාත් වරිය පොලිසියට නියම කළේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරියා සැකකරුවන් ලබන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය.

    මේ අතර, දකුණු මුහුදු තීරයේ දී  හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 100 ක් සමග අත් අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් නව දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියට පමුණුවනු ලැබුබීය.

    පොලිසිය කියා සිටියේ මෙම සෑකකරුවන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුමක් නොමැති හෙයින් ඉරාන තානාපති කාර්යාලයේ සහාය ඇතිව ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමට පියවර ගන්නා ලෙසයි. 
    ඒ අනුව සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය.
    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 12:51

    Latest News