සමාගම් 3කින් 100MWක අතිරේක විදුලි ධාරාවක් මිලට ගන්න ගිවිසුම්

අප්‍රේ 10, 2019

    රට තුළ අඛණ්ඩ විදුලි සැපයීම සහතික කිරීමට මෙගා වොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6ක් සඳහා මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පල්ලෙකැලේ ග්‍රීඩ් උපපොළ සඳහා මෙගා වොට් 24ක විදුලි ධාරිතාවක් හා ගාල්ල ග්‍රීඩ් උපපොළ සඳහා මෙගා වොට් 10ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් 1ක් රුපියල් 30.20ක මුදලකට සැපයීමට කොන්ත්‍රාත්තුව එක්සත් රාජධානියේ Aggreko International project Ltd වෙත ලබා දී තිබේ.

    මහියංගනය ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 10ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් 1ක් රුපියල් 30.58ක මුදලකට හා පොළොන්නරුව ග්‍රීඩ් උපපොළ සඳහා මෙගා වොට් 8ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් 1ක් රුපියල් 30.63ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Altaaqa Alterrative Solution Global FZE වෙත ලබා දී තිබේ.

    හම්බන්තොට ග්‍රීඩ් උපපොළ සඳහා මෙගා වොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් 1ක් රුපියල් 28.43ක මුදලකට හා හොරණ ග්‍රීඩ් උපපොළ සඳහා මෙගා වොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් 1ක් රුපියල් 28.70ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව හොංකොංහි V Power Holding Ltd. වෙතත් මාස 06ක කාලයක් සඳහා පිරිනැමීමට විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

     

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 09:44

    Latest News