විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

ජන 07, 2019

    මේ වසරේ විසර්ජන පනත් කෙටුම්පත සඳහා අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    ඒ අනූව අද සිට සතියක කාලයක් තුල එය ගැසට් කිරීමට නියමිත අතර, සති දෙකකින් පසු විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    පළාත් සභා සහ ජාතික පාසල්වලට ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳවා ගැනීම,සුරක්ෂා රක්ෂණ ක්‍රමවේදය අඛණ්ඩව පවත්වාගෙන යාමටද ද අද රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ දී අනුමැතිය හිමිවිය.

    මෙහිදී 2019 වර්ෂය සඳහා වූ අය වැය විසර්ජන පනත් කෙටුම්පත අනුමැතිය සඳහා අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට මීට අදාළ යෝජනා ඉදිරිපත් කෙරුණ ද එය මීළඟ කැබිනට් රැස්වීම දක්වා කල් තැබිණ.

    එමෙන්ම විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අය වැය යෝජනා ඉදිරිපත් කිරීම මාර්තු මස 5 වැනි දින සිදු කෙරෙනු ඇති. අනතුරුව අය වැය තෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු මස 13 වැනි දා ආරම්භ කිරීමට නියමිත අතර, අවසන් ඡන්ද විමසුම අප්‍රේල් මස 4 වැනිදා සිදු කිරීමට නියමිතයි.

     

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 14:34

    Latest News