Update : සන්ධානගතවීමේ 4වැනි සාකච්ජාව මැයි 09

අප්‍රේ 10, 2019

    නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තෙවන සාකච්ජාව අවසන්ව තිබේ.

    සිව්වන වටයේ සාකච්ඡා සඳහා මැයි 09 වනදා රැස්වීමට එකඟතාවත් ඇතිවූ බව ශ්‍රීලනිප මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර ප්‍රකාශ කර තිබේ.

    සන්ධානගතවීමේ 3වැනි සාකච්ජාවත් ඇරඹේ - පෙ.ව. ‍10.00

    නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ජාව විපක්ෂ නායක කාර්යාලයේ දී ආරම්භ වී තිබේ. මීට පෙර අවස්ථා දෙකක දී ද දෙපාර්ශවය අතර සාකච්ජා පැවැත්විණ. පසුගිය 3/14 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ දී පළමු නිල සාකච්ජා පැවැත්වුණ අතර දෙවැනි සාකච්ජාව 3/21 පැවැත්විණ.

    Last modified on බදාදා, 10 අප්‍රේල් 2019 13:00

    Latest News