මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන්ඔය කලාපයේ හඳුනාගත් රක්ෂිතයන්ට අයත් නොවන ඌන භාවිතයේ පවතින අක්කර 2,750 ක් බඩ ඉරිඟු වගාව සඳහා දේශීය ආයෝජකයින්ට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රට තුළ අඛණ්ඩ විදුලි සැපයීම සහතික කිරීමට මෙගා වොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6ක් සඳහා මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ වසරේ විසර්ජන පනත් කෙටුම්පත සඳහා අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

Latest News