දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාවේ තීරණ නිර්දේශ කිරීම ඇමති මණ්ඩල අනුමැතිය

ජන 19, 2021

    දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත්කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බවයි.

    මේ බව ප්‍රකාශ කෙරුණේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී.

    Latest News