16 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇති බවට කන්දෙනුවර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
අතුරුදන් වූ දැරිය පසුගිය දෙසැම්බර් 06 වනදා සිට අතුරුදන්ව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ දැරියගේ මිත්තණිය විසින්.
අතුරුදන් වූ දැරිය උස අඩි 05කින් සහ කොණ්ඩය දිගට වවා ඇති තලෙළු කෙට්ටු සිරුර සහිත අයෙකි.
ඇය අවසන් වරට ක්‍රීම් පාට කොට කලිසමක් හා කලු පැහැති මල් සහිත සුදු පැහැ ටීෂර්ටයක් හැඳ සිට ඇති බව පොලීසිය පවසනවා.
අතුරුදන් වූ දැරියගේ නම ඉඩම්ගෙදර තරුෂි චම්පිකා වන අතර ඇය වයස අවුරුදු 16න් වන අංක 85, කන්දෙනුවර, අල්වත්ත යන ලිපිනයේ පදිංචිව සිටි අයෙක්.
අතුරුදන් වු දැරිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් වෙතොත් පහත දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලීසිය පවසනවා.
ස්ථානාධිපති කන්දෙනුවර :- 071 - 8592943
පොලිස් ස්ථානය කන්දෙනුවර :- 066-3060954