සංජීවගේ ඝාතනයට සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට

පෙබ 25, 2025
    සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.

    පසුගිය 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්රාත් අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජීව යන අයව වෙඩි තබා ඝාතනය කළා.
     
    අනුව අදාළ ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරු හා සැකකාරියව ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
     
    මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අවුරුදු 23 ක් වූ කටුවැල්ලේගම, මීගමුව ලිපිනයේ පදිංචි පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය සහ එම ලිපිනයේම පදිංචි අවුරුදු 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති යන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
     
    මොවුන් දෙදෙනා අදාල ඝාතනයේ ප්රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ බාල සොහොයුරා වන බවට අනාවරණය වී තිබෙනවා.
     
    ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාලව සැකකරුවන් 10ක් අත්අඩංගුවට ගෙන ඇත.
     
    කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

    Latest News