සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප කිහිපයක් එළියට

පෙබ 24, 2025

    ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප කිහිපයක් පොලීසිය මාධ්‍ය වෙත යොමු කර තිබෙනවා.

    පසුගිය පෙබරවාරි මස 19 වන දා උදෑසන අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන වෙඩි තබා ඝාතනය කළා.

    එහිදී වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් මෙම සැකකාරිය හඳුනා ගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහාය ඉල්ලමින් මෙම ඡායාරූප නිකුත් කර ඇත.

    පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වන සැකකාරිය ජාතික හැඳුනුම්පත් අංක 995892480V දරණ වයස අවුරුදු 25ක් වූ 243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම යන ලිපිනයේ පදිංචිව සිටි අයෙකි.

    මෙම සැකකාරිය හඳුනා ගැනීම සඳහා ඇයගේ මෑත කාලයේ ලබාගන්නා ලද ඡායාරූප කිහිපයක් විමර්ශන නිලධාරීන් විසින් මෙලෙස සොයා ගෙන ඇත.

    ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    ඉහත සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොතේ පහත දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය - 071-8591727
    ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය - 071-8591735

    Latest News