අම්බලන්තොට, රිදියගම වාන් දමයි

අප්‍රේ 06, 2019

    මේ දිනවල පවතින නියං තත්වය හම්බන්තොට දිස්ත්‍රික්කයට ද දැඩි සේ බලපා තිබේ.

    එහෙත්,අම්බලන්තොට, රිදියගම ජලාශය මේ වන විටත වාන් දමමින් පවතින බව, අප හම්බන්තොට වාර්තාකරු පවසයි. වලවේ ගගෙන් පිටවන ජලය රිදීගම ජලාශයට ලැබීම ඊට හේතුවයි. දැඩි නියං තත්වයක දී ජලාශය වාන් දැමීම නිසා ජනතාව සතුටට පත්ව සිටියි.

    ධීවරයින් පවසන්නේ, මාසයකට පෙර රිදියගම ජලාශයට මුදාහල මාළු පැටවුන්, වාන් ජලය සමඟ පිටවී යන බවයි. මෙහි යාත්‍රා 114ක් යොදාගනිමින් පවුල් 156ක් ධීවර කර්මාන්තයේ නියැලෙනවා. ජලය මුදාහැරීම නිසා ඔවුන් කනස්සල්ලට පත්ව සිටියි. මත්ස්‍ය පැටවුන් ඉවත්වීම වැළැක්වීමට ධීවර සමිති මගින් දැලේ එලා තිබුනද, වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් ඒවා ඉවත් කර තිබේ.

    Latest News