අම්බලන්තොටින් කොරෝනා රෝගීන් 15ක්

ජන 19, 2021

    අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුල කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට පුද්ගලයින් 15 දෙනෙක් හදුනාගෙන ඇති බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    පසුගිය 16 වැනිදා සිදුකළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අද (18) ලැබීමෙන්ම පසු මෙය තහවුරු වූ බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    අම්බලන්තොට මැලේ කොලනිය ප්‍රදේශයෙන් 13 දෙනෙක් හා බටඅත ප්‍රදේශයෙන් 02 දනෙකු මෙලෙස හදුනාගත් රෝගීන් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    එම රෝගීන් 18 වැනිදා රාත්‍රී ගිලන්රථ මගින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබිය.

    එමෙන්ම අගුනුකොලපැලැස්ස බන්ධනාඝාරයෙන් රැදවියන් 14 දෙනෙකු හටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    මේ අතර අම්බලන්තොට තැපැල් කාර්යාලයේ තැපැල් කරුවෙක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමිණ.

    සියලුම සේවකයින් PCR පරීක්ෂණ සදහා යොමුකළ අතර එම පරීක්ෂණ මගින් තැපැල් කාර්යාලයේ වෛරසය ආසාදනය වූ අය නොමැති බවට තහවුරු වී තිබේ.

    ඒ අනූව ඉදිරි දිනයන්හි තැපැල් කාර්යාලයේ සේවා කටයුතු පෙරපරිදි සිදුකරන බවයි එහි නිලධාරියෙක් කියා සිටියේ.

    Latest News