12.12ට හිරු මුදුන්වීමෙන් දැඩි උණුසුමක්

අප්‍රේ 06, 2019

    අද දින (06) දහවල් 12.12 ට අහුන්ගල්ල, ගනේගොඩ, කලුබෝවිටියාන, කැටවල, වලල්ගොඩ, සූරියවැවසහ ගල්කඩුව යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සූර්යා සෘජුවම ඉහළින් පවතී.

    සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. පසුව එය අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට පැතිර යා හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 08:36

    Latest News