කුරුවිට රිය අනතුරකින් 2ක් මරුට

අප්‍රේ 06, 2019

    කුරුවිට,එරත්න මාර්ගයේ එක්නැලිගොඩ වලව්ව අසළ දී ගෑස් සිලින්ඩර් පටවාගත් ලොරියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ ද (ගස්වල අතු කපමින් සිටි) ඔවුන් පැමිණි ලොරි රථයේ ද ගැටී අනතුරට ලක්වීමෙන් දෙදෙනෙක් මියගොස් තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ ගස්වල අතු කපමින් සිටින සේවකයන් වන 40 හැවිරිදි දොඩම්ගම්පල පදිංචි චමින්ද පුෂ්පකුමාර හා 40 හැවිරිදි පරකඩුව පදිංචි ශාන්ත කුමාර යන අයයි.

    අනතුර සම්බන්ධයෙන් ගෑස් සිලින්ඩර් පටවාගෙන පැමිණි ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 08:29

    Latest News