ජාතික කිරි ඉතිරවීමේ මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

අප්‍රේ 06, 2019

    අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා මත අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ සතර වාහල්කඩ කිරි ඉතිරවීමෙන් අද සහ හෙට (06-07) පැවැත්වෙන ජාතික කිරි ඉතිරවීමේ ජාතික මහා මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

    ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරනු ලබන මේ ජාතික මහා මංගල්‍යය කලක් අභාවයට ගොස් තිබේ.

    එය නැවත ආරම්භ කළේ මෙයට වසර පනස් දෙකකට ඉහත දිවංගත අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක සහ හිටපු කෘෂිකර්ම ඇමැති එම්. ඩී. බණ්ඩාර යන මහත්වරුන්ගේ ආණ්ඩුව පැවැති 1967 වසරේදීය.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 08:56

    Latest News