කාන්තා නිලධාරි නිවාසය විවෘත කෙරේ

අප්‍රේ 05, 2019

    පොලිස් නිලධාරින්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ යටතේ ඉදිකෙරුණු කොළඹ මලලසේකර මාවතේ, කාන්තා නිලධාරිනියන්ගේ භට නිවාසය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (05) විවෘත කෙරිණි.

    ජනාධිපතිතුමා විසින් පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමෙන් අනතුරුව වඩා මහජන හිතකාමී ගුණාත්මක පොලිස් සේවාවක් ස්ථාපිත කිරීමට මෙන්ම එහි සියලූ දෙනාගේ සුබසාධන කටයුතු ඉහළ නංවමින් තෘප්තිමත් මනසකින් යුතුව රාජකාරී ඉටුකිරීමට අවස්ථාව සලසා දීමේ විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මකයි.

    සමරු ඵලකය නිරාවරණය කර කාන්තා භට නිවාසය විවෘත කළ ජනාධිපතිතුමා පොලිස් නිලධාරිනියන් සමග සුහද කථා බහක ද නිරත විය. පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

    Last modified on සිකුරාදා, 05 අප්‍රේල් 2019 18:43

    Latest News