අභියාචනය ප්‍රතික්ෂේපයි: වෙලේසුදා දෙවන වරටත් එල්ලුම් ගසට

අප්‍රේ 05, 2019

    හෙරොයින් තබා ගැනීමේ චෝදනාවට ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ මරණ දණ්ඩුවම අභියාචනාධිකරණය අද ස්ථිර කළේය.

    එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලිගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව පිරිනැමුවේය.

    2008 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට වරදකරු කෙරෙන වෙලේ සුදාට කොළඹ මහාධිකරණය මගින් 2015 වසරේදී මරණීය දණ්ඩනය පනවනු ලෑබුවේය.

    මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය පනවා ඇති අන්දම නීතියට පටහැනි බවත් එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අභියාචනාධිකරයෙන් ඉල්ලා තිබිණ.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව අභියාචනාධිකරණය විසින් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කළේය.

    මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට වෙලේ සුදාගේ නීතිඥවරු සූදානම් වෙති

    Last modified on සිකුරාදා, 05 අප්‍රේල් 2019 19:30

    Latest News