ජනපතිගෙන් ජනතාවට ජීවන සහන රැසක් (වීඩියෝ)

නොවැ 02, 2018
  • ඉහළ ජීවන වියදම හේතුවෙන් පාරිභෝගිකයා මත පැටවී තිබූ අධික බරින් ඔවුන් මුදවාලීමා සඳහා, රජය ආර්ථික සහන රැසක් ක්‍රියාවට නංවා තිබේ.

    එම සහන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඊට අදාළ ගැසට් නිවේදනය ද ඊයේ නිකුත් කෙරිණ. ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා මෙම නව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබා දී ඇත.

    ඒ යටතේ, ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින්, ඔටේ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් හා ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10කින් ද අඩු කර තිබේ. ඉන්ධන මිල ගනන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම් වූ ප්‍රායෝගික මිල ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි.

    Last modified on සිකුරාදා, 02 නොවැම්බර් 2018 13:15

    Latest News