ගෝලීය ආහාර මිල ඉහළයාමේ අවදානමක්

අප්‍රේ 09, 2021

    ගෝලීය ආහාර මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩපිළිවෙළ අනතුරු අඟවයි.

    මේ මස වන විට අඛණ්ඩව දස වැනි මාසයටත් ආහාර මිල ඉහළ ගොස් ඇති බවයි, එම සංවිධානය පවසන්නේ.

    කොරෝනා අර්බුදයත් සමග ඇති වූ බලපෑම් මීට ප්‍රධාන හේතුවක් බවයි,ලෝක ආහාර වැඩපිළිවෙළ සඳහන් කරන්නේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මාසිකව ආහාර වර්ගවල මිල වාර්තා කරයි.

    එළවළු තෙල්, මස් සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ යාමෙන් ආහාර මිල ඉහළ ගොස් ඇති බවයි, එම වාර්තාවේ සඳහන් වන්නේ. ආහාර මිල 2014 වසරට පසු ඉහළ අගයක් වාර්තා කර ඇති බව ද සඳහන්.

    Last modified on සිකුරාදා, 09 අප්‍රේල් 2021 11:50

    Latest News