ඩොලරය වැඩි වූ විට වැඩි වෙන - අඩු වූ විට අඩු නොවන පිටකොටුවේ භාණ්ඩ මිල

ජූනි 17, 2023

    භාණ්ඩ ආනයනකරුවන් මිල ඉහළ දැමීම නිසා වෙළෙඳපොළේ භාණ්ඩ මිල යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි තොග වෙළෙඳුන් පවසනවා.

    ඒ අනුව, ඩොලරයට සාපේක්ෂව තමන්ට භාණ්ඩ මිල ඉහළ දැමීමට සිදු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර, ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ, ඩොලරයේ අගය වැඩි වන විට භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් වැඩි කළද, එහි අගය අඩු වන විට එම සහනය පාරිභෝගිකයාට ලබා නොදීමට කූට ව්‍යාපාරිකයින් කටයුතු කරන බවයි. පිටකොටුව තොග වෙළෙඳපොළට ගොස් අප මේ ගැන සොයා බැලීමක් කළා. එහිදී වෙළෙඳුන් පැවසුවේ, ඉකුත් සතියට සාපේක්ෂව පරිප්පු, අල, ලූණු ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් භාණ්ඩ ඉල්ලුම අඩුවී ඇති බව ඔවුන් සඳහන් කළා.

    Latest News