2022 දි ස්වයංපෝෂිත දේශයකට ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනක්

ජන 10, 2020

    2022 වන විට ජාතික ආහාර නිෂ්පාදනය තුළින් ස්වයංපෝෂිත වීම රජයේ ඉදිරි අපේක්ෂාවකි.

    ඒ සඳහා ජීවන වියදම් කමිටුවක් පත් කිරීමට ද අනුමැතිය හිමිවිය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගීතිවය මේ සඳහා රජය අපේක්ෂා කෙරේ.

    2016 සිට 2018 දක්වා ද මෙවැනිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය.

    නමුත් ආහාර සුරක්‍ෂිතතාවය සහතික කිරීමට නොහැකිවීම තුළ හිඟතාව පාලනය කර අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි විය.

    ඒ සඳහා මූලික වශයෙන් පැවති කාළගුණය ද ඉවහල් විය.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, පසු අස්වනු හානිය අවම කර, බෝග නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීම, පර්යේෂණ සහ සංවර්ධනය, පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය ජනප්‍රිය කිරීම, අගය එකතු කළ නව නිෂ්පාදන හඳුන්වාදීම වැනි ක්‍රියාවලියන් තුළ වසර 2022 දී ස්වයං පෝෂිත දේශයක් නිර්මාණය කළ හැකි බවයි.

    Last modified on සිකුරාදා, 10 ජනවාරි 2020 17:25

    Latest News