අනුර ඉදිරිපත් කළ පැමිණිල්ලක් කැදවීමට අධිකරණය දින දෙයි

අගෝ 09, 2024
    තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු වග උත්තරකරුවන් ගෙන් රුපියල් බිලියන 10 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් දෙසැම්බර් මස 20 වන දා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

    මෙම නඩුව අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර පාර්වශවය වෙනුවෙන් නීතිඥවරු විසින් පෙරකලාසි ගොනු කළා.

    ඉන් අනතුරුව නඩුව දෙසැම්බර් මස 20 වන දා කැඳවන ලෙසත් අධිකරණය නියම කළා.
    අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සහ පවර් හවුස් ලිමිටඩ් සමාගම නම්කර තිබෙනවා.
    පැමිණිල්ලිකරු කියා සිටින්නේ 2023 වසරේ අගෝස්තු මස 19 වනදා මැද කොළඹ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අදහස් දැක් වූ වග උත්තරකාර සාගර කාරියවසම් මහතා මෝල්ටා රාජ්‍යයේ මුදල් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාලව සිදු කළ අසත්‍ය ප්‍රකාශයකින් සිය කීර්තියට හානි වූ බව යි.
    වග උත්තරකරු අසත්භාවයෙන් සහ හිංසාවක් සිදු කිරීමේ චේතනාවෙන් මෙම ප්‍රකාශය සිදුකළ බවත් පැමිලිකරු කියා සිටිනවා.
    ඒ අනුව සාගර කාරියවසම් මහතා විසින් සිදු කළ ප්‍රකාශය දෙවන වගඋත්තරකරු විසින් ප්‍රචාරය කිරීමෙන් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අයකර දෙන ලෙසත් අනුර කුමාර දිසානායක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News