කෙහෙළියගේ ඇප ඉල්ලීමේ තීන්දුව කල් යයි

අගෝ 09, 2024
    ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්රකාශ කිරීම අද කල් තැබුණා.

    එම නියෝගය අද දින ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

    එහෙත් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම තීන්දුව ප්රකාශ කිරීම සැප්තැම්බර් මස 4 වන දා සිදු කරන බවයි.
     
    කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන තීන්දුව සහ ඔහු ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව තීන්දුව එදින ප්රකාශයට පත් කිරීමට නියමිතය.

    Latest News