ලිට්‍රෝ පල්ලම් බහී

ජූලි 02, 2024
    ‍ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ථ ගෑස් මිල අඩු කර තිබෙනවා.

    එම මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවයි, එම සමාගම දැනුම් දෙන්නේ.

    ඒ අනුව කිලෝ 12.05 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690 ක්.

    කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,482 ක්.

    කිලෝ 2. 03 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරය නව මිල රුපියල් 694 ක් වන අතර, එම සිලින්ඩරයක මිල රුපියල් 18 කින් අඩු කර තිබෙනවා.
    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2024 10:54

    Latest News